Pages

කුරුණෑගල සිසුවියගේ මරණයට විදුහල්පති අත්අඩංගුවට  
 
කුරුණෑගල සර්ග ජෝන් කොතලාවල විදුහ‍ලේ සිසුවියක ගෙල වැලලා ගෙන සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට එම විද්‍යාලයීය විදුහල්පතිවරයා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ 18 රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබේ අදාළ විදුහල්පතිවරයා විසින් ෆෙස් බුක්
ගිණුමක් සම්බන්ධව ගැටලුවකට එම සිසුවියට ඉතා පහත් අන්දමින් බැණ වැදීම හේතුකර ගනිමින් ඇය සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරන ලද පරීක්ෂණවලින් අනතුරුව මෙම අත් අඩංගුවට ගැනීම කර ඇත මේ සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන්ද ‍පොලීසියට පැමිණිලි කර තිබුණි 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 308  ර්‍ණඅ” වගන්තියට සහ 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ පනතේ සංශෝධනයන්ට අනුව සිසුවියට බැණ වැදීම කෲරත්වයට පත් කිරීමක් ලෙස සලකා මෙම අත් අඩංගුවට ගැනීම කර තිබේ දැරිය මිය යන්නට ප්‍රථම සියදිවි හානිකර ගැනීමට හේතුව විදුහල්පතිවරයා විසින් තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම බව ඇගේ අකුරින්ම පැහැදිලිව ලියන ලද ලිපිය පදනම් කර ගනිමින් එය ඇයගේ මරණාසන්න ප්‍රකාශයක් ලෙස සලකා අදාළ පරීක්ෂණ පත්වා ඇත