Pages

 
විසි හතර හැවිරිදි වියේ පසුවූ දෙදරු මවක් වූ නදීෂා තම සැමියා සමග සතුටින් ජීවත් වූවාය. ඇගේ සැමියා නිමල්ය. ඔහු සේවය කළේ
පෞද්ගලික අංශයේ වතු සමාගමක සාමාන්‍ය වතු සේවකයකු ලෙසයි. දිනපතාම උදේ අවදි වී නිමල් වැඩට යන බැවින් නිවසේ හුන්නේ නදීෂාත් දරු දෙදෙනාත් පමණි. ඔවුන්ගෙන් වැඩිමලාගේ වයස අවුරුදු හයකි. බාලයා සිවු හැවිරිදිය. මේ අතරේ නදීෂාගේ අසල්වැසි නිවසේ හුන් නාමල් ඇයට උදව් කරන්නට නිවසට නිතර යන්න එන්නට පටන් ගත්තේය. 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හැදෑරූ නාමල් හා නදීෂා අතර සම්බන්ධතාවයක් ඇතැයි ගම පුරා ප‍්‍රචාරය ගියේ මේ අතරේය. නමුත් මේ ගැන කිසිදු සැකයක් නිමල්ට තිබුණේ නැත. නිමල් මේ කතා ගැන ගණන් ගත්තේ නැත. ඊට හේතු වන්නට ඇත්තේ නාමල් තවමත් ළාබාල දරුවෙකු වීමත් නදීෂා තමා සමග සතුටින් ගත කර නිසා බව නිමල් සිතන්නට ඇතිය. නදීෂා හා නාමල් අළලා ගම පුරා ඇසෙන කතා නාමල්ට මෙන්ම නදීෂාට හිසරදයක් විය. නමුත් ඔවුන් මේ ගැන කිසිවක් කතා කළේ නැත. දිගින් දිගටම මේ කතා ඇසෙන විට නාමල් නදීෂාට අපූරු යෝජනාවක් කළේය. ඒ දෙදෙනාම ගමෙන් පලාගොස් වෙන කොහේ හෝ ගොස් ජීවත් වන්නටය. 
මේ යෝජනාවට නදීෂා මුලින් කැමති වන්නේ නැත. එනමුත් නාමල්ගේ මේ යෝජනාවට දිගින් දිගටම අකමැති වීමට නදීෂාට ශක්තියක් නොතිබුණි. අවසානයේදී ඈ පාසල් යන වයසේ පසු වූ නාමල්ගේ යෝජනාට කැමැති විය. නාමල් පැමිණි ත‍්‍රීවීලරයට නැගුණු නදීෂා ඔහු සමග පලා ගියේය.