Pages

පේරාදෙණිය සරසවි සිසුවා දිවිනසා ගැනීම පසුපස අබිරහස් කතාව.............  

 
ඔබේ මරණයට සැබෑ හේතුව දන්නේ ඔබේ හෘදය සාක්ෂිය පමණි. හන්තානට පායන සඳවත් එය නොදනී. ඔබ මුහුණ දුන් සරසවි ජීවිතයේ සිද්ධි සමුදාය එකිනෙකට ගැලපූ විට ඔබේ මරණයට එම සිදුවීම්ද
යම් බලපෑමක් කළාය යන්න බැහැර කිරීමට මගේ සිත මට ඉඩ නොදෙයි. එය එසේ වූයේ නම් මුළු මහත් මානව සංහතිය වෙනුවෙන්ම සමාව අයදිමි. මනුෂ්‍යත්වයට එසේ නිගරු කිරීමට කිසිවකුට අයිතියක් නැත.රූපා රත්නසීලි මෙනෙවියගේ රූපය මගේ සිතේ සිතුවම් වෙයි. නවක වධයට බියෙන් පේරාදෙණිය සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ උඩු මහලේ සිට බිමට පැන්නාය. එමගින් ඇය සදාකාලික ආබාධිත බවට පත්වූවාය. පසු කාලයේදී ඇය ළිඳට පැන දිවි නසා ගත්තාය.ෂෙල් වෙඩි පිපුරුණ යාපා පටුනේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ආ වරප‍‍්‍රකාශ් මට තවම මතකය. නවක වධයෙන් රෝගාතුර වී රෝහල් දොරටුවෙන් ඇතුළට ගන්නටත් පෙර අවසන් සුසුම් පොද වා තලයට මුසු කළේය. අද නිශාන්තය. හෙට කවුරුන් විය හැකිද?ආදරණීය ශිෂ්‍ය සහෝදරවරුනි ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ බිත්තියක රතු පැහැයෙන් යෝධ අකුරෙන් මෙසේ ලියා තිබිණි.