Pages

දේශපාලනය කරන්න සල්ලි තියෙන්න ඕන.... අජිත් ප‍්‍රසන්න රණවිරුවන්ටත් අපහාසයක්.– ගීතා කුමාරසිංහ
දකුණු පළාත් සභා සන්ධාන අපේක්‍ෂක අජිත් ප‍්‍රසන්න රණවිරුවන්ටත් අපහාසයක් යයි බෙන්තර ඇල්පිටිය ශ‍්‍රීලනිප සංවිධායිකා සහ එ.ජ.නි.ස අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

‘උප්පත්තියේ ඉදන්ම නීති කඩන, දාමරිකකම් කරන, කාන්තාවන්ට පරිභව කරන අජිත් ප‍්‍රසන්නට මැතිවරණ නීති කඩන එක ඒ තරම් වැඩක් නෙවෙයි. ජන්මෙට
වැඩිය පුරුද්ද ලොකුයි.

කාර් පර්මිට් එක විකුණලා බස් වල ගිහින් ඡන්ද හිගා කනවා. සල්ලි තියෙන්න  ඕනේ දේශපාලනය කරන්න. එහෙම නැති අය දේශපාලනයට ආවට පස්සේ කරන්නේ උපයන්න හදන එක.

නොමිනේෂන් දෙන දවසේ හමුදා නිල ඇදුමක් ඇදගෙන ආවා. රණවිරුවන්ටත් අපහසයක්.

මම අද වෙනකන් එක මැතිවරණ නීතියක් කඩලා නෑ. අපි ඒවට බයයි, ගරු කරනවා. මේ රටේ මිනිස්සු කල්පනා කරන්න  ඕන මේ වගේ මිනිස්සුන්වද පත් කරන්නේ කියලා’ යයිද ඇය මාධ්‍ය අමතමින් කියා සිටියාය