Pages

මිනී කාක්කන් කියන්නේ මේ අයටයි

කුවේටයේදී හදිසියේ මියගිය තිදරු මවකගේ සිරුර ඇගේ මරණ පරීක්‍ෂණය පැවැත්වීමට පෙර මීගමුව දිස්‌ත‍්‍රික්‌ මහ රෝහලේ මෘත ශරීරාගාරයෙන් අතුරුදන් කළ බව කියන
අනවසරයෙන් රැගෙන ගිය යටියන්තොට ප‍්‍රදේශයේ අවමංගල්‍ය ශාලා හිමියකු කටුනායක ගුවන් තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම සිද්ධිය සැකෙවින් මෙසේය. වීඔය යටියන්තොට පදිංචිව සිටි හේවාපතිරණලාගේ නදීකා සඳමාලි නමැති 32 හැවිරිදි තිදරු මව කුවේට්‌ රාජ්‍යයේදී මිය ගොස්‌ ඇත. කුවේටයේ සිට ඇගේ සිරුර ලංකාවට එවා ඇත. ඇගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝගය මත එහි මරණ පරීක්‍ෂණය පැවැත්වීමට පැවරී තිබුණේ මීගමුව හදිසි මරණ පරීක්‍ෂක දේශබන්දු වෛද්‍ය කීර්ති සිරිජයන්ත වික‍්‍රමරත්න මහතාටය. මරණ පරීක්‍ෂණයට පෙර මීගමුව රෝහලෙන් ඔහු වෙත ලද දුරකථන පණිවුඩයක්‌ මගින් පවසා ඇත්තේ මරණ පරීක්‍ෂණයට නියමිතව සිටි කුවේටයේදී මිය ගිය තරුණ කතගේ සිරුර රෝහල් මෘත ශරීරාගාරයේ තිබී අතුරුදන්ව ඇති බවය. ඒ අනුව වහා ක‍්‍රියාත්මකවූ මරණ පරීක්‍ෂක සිරිජයන්ත වික‍්‍රමරත්න මහතා මීගමුව රෝහලට ගොස්‌ ඇත