ආසියානු කි‍්‍රකට් ශූරයන්ට උණුසුම් පිළිගැනීමක්

ආසියානු ක‍්‍රිකට් කුසලාන දිනූ ශ්‍රී ලංකා පිල (09) පස්වරු 3.55 ට පමණ කටුනායක ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔවුන් ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදි. අධිවේගී මාර්ගය ඔස්සේ පෑළියගොඩ පාළම අසළට පැමිණි ශ්‍රී ලංකා පිල එහිදී විවෘත බස් රථයකට ගොඩ විය.
එතැන් සිට මෙට්ලන්ඞ් පෙදෙසේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානය දක්වා මග දෙපස රැස්ව සිටි ක‍්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් මැද ක‍්‍රිකට් ආයතනයට පැමිණි ශී‍්‍ර ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා එහිදී චාම් උත්සවයක්ද පැවැත්විණි.
ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස, එහි ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුද මෙම පිළිගැනීමේ උත්සවයට සහභාගි වූහ. ඉරිදා දිනයක් වුවද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අසළට සැළකිය යුතු ක‍්‍රීඩා ලෝලීහූ පිරිසක් පැමිණ සිටියහ.
උත්සවයෙන් පසුව ශී‍්‍ර ලංකා නායකයා පුවත් පත් සාකච්ඡවකටද සහභාගි විය. එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසූවේ ශ්‍රී ලංකා පිල පසුගිය කාලයේ අවසන් තරගවලට පැමිණ පරාජයට පත්වන තත්ත්වයකට මුහුණ දී සිටීම නිසා බංග්ලාදේශයේදී පැවැති ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් ජය ලැබීමට හැකිවීම පිළිබඳව සතුටු වන බව
එම මාධ්‍ය හමුවේදී මැතිව්ස් මෙසේ ද පැවසීය.

එම මාධ්‍ය හමුවේදී මැතිව්ස් මෙසේ ද පැවසීය.
‘‘පසුගිය කාලයේ අපි අවසන් මහ තරගවලට පැමිණ පරාජයට පත්වුණා. ඒ නිසා ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීම පිළිබඳව ගොඩක් සතුටු වෙනවා. කණ්ඩායමක් හැටියට අපි හොඳින් ක‍්‍රීඩා කළා. ඒ නිසා සියලූ දෙනාම ගොඩක් සතුටින් ඉන්නවා’’
‘‘මේ කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් ලෙස මහේල සහ සංගක්කාර පමණක් ඇතුළත්ව සිටියා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නකු ලෙස ලසිත් මාලිංග පමණයි ක‍්‍රීඩා කළේ. චතුරංග, අෂාන් ප‍්‍රියංජන් ඇතුළු තරුණ ක‍්‍රීඩකයන් දස්කම් දැක්වීම පිළිබ`දව සතුටු වෙනවා’’
‘‘බංග්ලාදේශයේදී පසුගිය සති හයේ අපි හොඳින් ක‍්‍රීඩා කළා. ඒ තණතීරුවල ක‍්‍රීඩා කළයි කියලා විස්සයි20 ලෝක කුසලානය ගැන විශේෂ දෙයක් කියන්න බෑ. ඕවර 50 තරගයක් සහ විස්සයි:20 තරගයක් අතර ගොඩක් ලොකු වෙනසක් තියෙනවා.
ආසියානු කුසලාන තරගාවලිය දැන් අවසන්. විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය අලූත්ම තරගාවලියක් එහිදී හොඳින් ක‍්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා’’
මෙම තරගාවලියේ දස්කම් දැක්වූ අජන්ත මෙන්ඩිස් වෙනුවට අවසන් මහ තරගයේදී සුරංග ලක්මාල්ට ස්ථානය ලබාදීම පිළිබඳව ප‍්‍රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.
‘‘අජන්ත හොඳින් පන්දු යැවුවා. මම කිසිසේත්ම කියන්නේ නෑ අජන්ත හොඳ නෑ කියලා. එහිදී කණ්ඩායමේ සංයුතිය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණා. අපිට සචිත‍්‍ර, චතුරංග යන තුන් ඉරියව් ක‍්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කරන්න නොහැකි වුණා. ඒ වගේම අවසන් ඕවර යැවීමට වේග පන්දු යවන්නකු අවශ්‍ය වුණා, ඒ නිසා අජන්ත දස්කම් අතර සිටියත් අමාරු තීරණයක් ගන්න වුණා’’
එක්දින පිලේ උප නායක දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානයට අෂාන් ප‍්‍රියංජන් ක‍්‍රීඩා කිරීම නිසා උප නායකයා ලෙස ළහිරු තිරිමාන්න කටයුතු කළ බව නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
‘‘ශ‍්‍රී ලංකාවට පැමිණීමේදී මෙවන් පිළිගැනීමක් ලැබෙයි කියලා හිතුවේ නෑ. එම පිළිගැනීම වෙනුවෙන් සියලූ දෙනාට ස්තූතිය පළ කරනවා’’ යැයි මැතිව්ස් විශේෂයෙන් සඳහන් කළේය.