Pages

නියර රහින යන්ත්‍රය හැදූ චාමරට පින පෑදෙයි

ලෝක නව නිපැයුම් කරුවන්ගේ තරගාවලියේදී 2013 නියර රහින යන්ත්‍රයක් නිපදවා මෙරටට ජගත් කීර්තිනාමයක් ලබාදුන් අනුරාධපුර ගළෙන්බිඳුණුවැව චිත්‍රානන්ද කපුගේ සිසුවාගේ විදෙස් අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍යව තිබූ
රුපියල් පන්ලක්ෂ පනස්දහසක 550000 මුදලක් අනන්‍යතාව හෙළි නොකළ ශ්‍රී ලාංකික දානපතියකු විසින් පරිත්‍යාග කර ඇත

කුඹුරේ නියර රහින යන්ත්‍රයක් නිර්මාණය කරමින් ලොව දිනූ කපුගේ ශිෂ්‍යයාට වැඩිදුර අධ්‍යාපනය සඳහා කොරියාවේ හැම්බ්‍රෙඩ් ජාතික විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් හිමිවිය ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා හැම්බ්‍රෙඩ් ජාතික විශ්ව විද්‍යාලය තුළ මාර්තු මාසයේදී අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා ට්-20 ආයතනය මගින් කපුගේ ශිෂ්‍යයා වෙත ශිෂ්‍යත්වයක් පිරිනැමිණි

නමුත් එහි ආරම්භක වසර සඳහා රුපියල් පන්ලක්ෂ පනස්දහසක් ගෙවිය යුතුව තිබිණිමෙම මුදල අනන්‍යතාව හෙළි නොකළ දානපතියකු විසින් පරිත්‍යාග කොට ඇති බව කොරියාවේ පෞද්ගලික බැංකුවක් මගින් විද්‍යුත් පණිවුඩයක් හරහා කපුගේ ශිෂ්‍යයාට දැනුම් දී තිබේ මීට අමතරව ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික එකමුතුවක් හරහා මෙම ශිෂ්‍යයාට රුපියල් දෙලක්ෂ පනස්දහසක් ද පරිත්‍යාග කොට තිබේ

ඇමෙරිකාවේ නාසා ආයතනය මගින් තාරකාවක් නම් කර ගැනීමට හැකිවූ චිත්‍රානන්ද කපුගේ ශිෂ්‍යයා දිරිමත් කිරීමේ අරමුණින් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා ‍පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනසෙවණ අරමුදලින් රුපියල් ලක්ෂ විස්සක් 20 වටිනා නිවසක්ද  15දාපරිත්‍යාග කළේය

අනුරාධපුර කටුකැලියාව නිවාස යෝජනා ක්‍රමයේ මෙම නව නිවස පිහිටා තිබේ අනුරාධපුර ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව ගොවි ගම්මානයේදී 1994 වසරේදී උපත ලද කපුරු බණ්ඩාරගේ පුබුදු දිනේෂ් අනුරුද්ධ චිත්‍රානන්ද කපුගේ දරුවා පවු‍ලේ වැඩිමල් පුත්‍රයාය පියා 53 හැවිරිදි චිත්‍රානන්ද මහතා ගොවිතැන ජීවිකාව කරගෙන ජීවත් වෙයි මව ගෘහණියකි නැගනිය 12 වන වියේ පසුවෙයි

ලෝක නව නිපැයුම්කරුවන්ගේ තරගාවලිය 2013 ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆීනික්ස් නගරයේදී ඉකුත් වසරේ මැයි 12 - 17 දක්වා පැවැත්විණි මේ සඳහා ලෝකයේ රටවල් 76ක තරගකරුවන් 1500ක් සහභාගි වූහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු ආයතනය මගින් එම තරගයේ විදුලිය හා යාන්ත්‍රික ඉංජිනේරු අංශය සඳහා කපුගේ ශිෂ්‍යයා විසින් නිර්මාණය කළ නියර රහින යන්ත්‍රය ඉදිරිපත් කරන ලදී

රටවල් 76ක් අතුරින් ප්‍රථම ස්ථානය හිමි ජාත්‍යන්තර සම්මානය හා විශේෂ සම්මානයකින් ඉහත නිර්මාණය වෙනුවෙන් කපුගේ ශිෂ්‍යයා පිදුම් ලැබිය තවද ජාත්‍යන්තර නාසා ආයතනය මගින් කපුගේ තරුව නමින් අහසේ තරුවක්ද නම් කරන ලදී
මෙම නියර රහින යන්ත්‍රයේ ඇති විශේෂත්වය නම් දිනකට අධික කාලයක් පුරා පුද්ගලයින් හය දෙනකුගේ ආධාරයෙන් රහිනු ලබන කුඹුරු අක්කරයක් මෙම යන්ත්‍රය ආධාරයෙන් පමණක් යොදාගෙන ක්‍රියාකරවන්නකු හා ඩීසල් ලීටර 6ක් පමණක් යොදාගෙන පැය 3ක් වැනි සුළු කාලයකදී රහින්නට හැකිවීමයි 


මෙම යන්ත්‍රය නිපදවීම සඳහා කපුගේ ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ 10ක් පමණ වැයවී ඇත ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක  මුදලක් (Book mark)අලෙවි කිරීමෙන්ද ඉතිරිය ජීවත් වන ඉඩමෙන් කොටසක් උකසට තබාද ලබාගෙන තිබේ සුළු මූල්‍යාධාර කීපයක්ද මීට පරිත්‍යාග කොට තිබිණි

අනුරාධපුර මිහින්ත‍ලේ මහා විද්‍යාලයට ඇතුළත් වී කලා අංශයෙන් උසස් පෙළ ඔහු හැදෑරුවේය විවිධ ආර්ථික හා සමාජීය දුෂ්කරතා මැද කපුගේ ශිෂ්‍යයා හා ඔහුගේ පවු‍ලේ සාමාජිකයෝ ගළෙන්බිඳුණුවැව අඩක් නිම කළ නිවසක ජීවත් වෙති
අලුතින් ලැබුණු නිවස පිළිබඳව ඉතා සතුටු වන බවත් ආබාධ සහිත පුද්ගලන්ට උපකාර කිරීමේ නව යන්ත්‍රයක් නිර්මාණය කිරීමට ඉදිරියේදී බලා‍පොරොත්තු වන බවත් කපුගේ ශිෂ්‍යයා වැඩිදුරටත් පවසයි 

නව නිවසේ හිමිකම් ඔප්පු ප්‍රදානයට සහභාගි වෙමින් කපුගේ ශිෂ්‍යයා මෙම අදහස් පළ කළේය උත්සවය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී පැවැත්විණි අටමස්ථානාධිපති ආචාර්ය පල්‍ලේගම සිරිනිවාස නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය දිසාපති මහින්ද සෙනෙවිරත්න නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මීට සහභාගි වූහ