Pages

මං රජ වුණාම ඇමතිලා 25 ක් විතරයි ........... 
 
තම ආණ්ඩුවක් යටතේ ඇමති මණ්ඩලය 25ක් පමණක් යයි ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදී පක්ෂ් නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.මාකොළ පැවති එම පක්ෂයේ ප‍‍්‍රචාරක රැලියකදී ඔහු මෙසේද පැවසීය.

ආසියාවේ ආශ්චර්ය කියන්නේ පාලකයන්ට හා ඔවුන්ගේ පවුල්වල අයට පමණයි.වාර්ෂික බදු ප‍‍්‍රමාණය රුපියල් 12,000 රුපියල් 48,000ක් දක්වා වැඩිවූයේ ගතවූ වසර 20ක පාලන කාලය තුළදීය. ජනතාවගේ වැටුප වැඩිකළේ නැහැ. නමුත් බදු පිට බදු ගහනවා.ලෝකයේ කිසිම රටක නායකයෙකු නඩත්තු කරන්න මේතරම් මුදලක් වැය කරන්නේ නැහැ. නායකයා නඩත්තුවට කෝටි 750 යි. අධ්‍යාපනයට කෝටි 6000යි. ඒ ලක්ෂ 50 ක් වූ සිසු දරු පරපුරක් සදහායි.ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය නඩත්තුවත් ජනතාවගේ කරමත පටවලා.අපේ රජයක් යටතේ ඇමති මණ්ඩලය 25 ක් දක්වා අඩු කරනවා. වසර 20 ක කාලයක් බස්නාහිර පළාත් පාලනය කළ සන්ධානය යළිත් වරක් බලය ඉල්ලන්නේ මොකටද කියලා අහන්න වෙනවා. එම කාලය තුළදී ප‍‍්‍රදේශයේ දියුණුවට වැඩ කළ නොහැකි පක්ෂයකට යළිත් වරක් බලය දීම ප‍‍්‍රතික්ෂේ කරන්න ඕනෑ. මොවුන්ගේ එකම දර්ශනය හොරකමයි. වංචාවයි. රටේ හැම අංශයක්ම විනාශ කරලා අවසන් වසර 30ක යුද්ධය අවසන් කළේ රණවිරුවන්ගේ කැප කිරීම නිසයි