Pages

ලොකු තාත්තා දුවට කළ දේ
මහියංගණ ගිරාදුරුකොටිට ප‍්‍රදේශයේ දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි සැකපිට ගිරාඳුරුකෝට්ට පොලිසිය විසින් 30
හැවිරිදි දෙදරු පියෙක් පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත සැකකරු මෙම දැරියගේ ලොකු තාත්තා වන බව පොලිසිය පවසයි දැරියගේ මව මැදපෙරදිග රටක ගෘහසේවයේ යෙදි සිටින අතර මෙම දැරිය ප‍්‍රදේශයේ පාසැලක 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය මෙම දැරියත් ඇගේ බාල සොයුරාත් සැකකරුගේ නිවසේ ආරක්ෂාවට තබා පියා වෙනත් ඥාති නිවසකට ගොස් සිටියදී මෙම අපරාධය සිදුකර ඇතැයි පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය වී තිබේ එම අවස්ථාවේ සැකකරු මෙම දැරියගේ මල්ලි තවත් පිරිමි ළමයෙකු සමග බෝංචි කඩාගෙන එන්නැයි යවා දැරිය අපයෝජනය කර තිබෙන බව පොලිසිය කියයි අපයෝජනයට ලක්වු දැරිය වෛද්‍ය පරික්ෂණය සදහා  ගිරාඳුරුකෝට්ට රෝහලට ඇතුලත් කර ඇත