අනුරාධපුර පැරැණි බස් නැවතුම්පොළෙන් තන්තිරිමලය දක්වා ගමන් ආරම්භ කිරීමට නවතා තිබූ බස් රථයකට නැඟගත් බීමත් මගියකු
පෙරේදා සවස 6 20ට රථය ඇතුළට පෙට්රල් දමා සිදුකළ ගිනි තැබීමකින් එම බස් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන දැවී විනාශයට පත්විය අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ආසන 42 කින් යුක්ත වූ රුපියල් ලක්‍ෂ 45ක් පමණ වටිනා ඩබ්ලිව් පී එන් ඒ 1136 දරන මෙම බස් රථය පැරැණි බස් නැවතුම්පොළෙන් ඔයාමඩුව හන්දිය හරහා තන්තිරිමලය දක්වා ධාවනය කිරීමට නියමිතව තිබිණි බස් රථයේ ගින්න මැඬ පැවැත්වීමට අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් ගත් උත්සාහය මුළුමනින්ම ව්‍යාර්ථ විය සැකකරු බස් රථයට පෙට්රල් දමා ගිනි තබා පලා යෑමට උත්සාහ කළත් බස් රථයේ රියැදුරා ඇතුළු බස් නැවතුම්පොළේ සිටි මගීහු එක්වී ඔහු අල්ලාගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දුන්හ