එක්දින තරගාවලියේ ජයත් ශී‍්‍ර ලංකාවට

ලකුණු 290 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹාගිය
බංග්ලාදේශ පිල ඕවර 43 කදී ලකුණු 228 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. සචිත‍්‍ර සේනානායක (33/2), තිසර පෙරේරා (40/2), අජන්ත මෙන්ඩිස් (43/2) සහ ලසිත් මාලිංග (45/2) කඩුලූ දෙක බැගින් දවා ගත්හ.
බංග්ලාදේශ පිල ඕවර 43 කදී ලකුණු 228 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. සචිත‍්‍ර සේනානායක (33/2), තිසර පෙරේරා (40/2), අජන්ත මෙන්ඩිස් (43/2) සහ ලසිත් මාලිංග (45/2) කඩුලූ දෙක බැගින් දවා ගත්හ.
අංක හතර පිතිකරු ලෙස පිටියට පැමිණි නායක මුෂ්ෆිකුර් රහීම් සටන්කාමී ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 83 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 79 ක් ලබා සිටියදී නවවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග බංග්ලාදේශයට බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
ලසිත් මාලිංග යැවූ ඉනිමේ සිවුවැනි පන්දුවේදී සචිත‍්‍ර සේනානායකගේ විශිෂ්ට පන්දු රැකීමක් නිසා ශම්සූර් රහමන් (0) පළමු කඩුල්ල ලෙස දැවී ගියද එනමුල් හක් (42) සහ මොමිනුල් හක් (15) දෙවැනි කඩුල්ල සදහා ලකුණු 55 ක සම්බන්ධතාවක් පවත්වමින් සෙසු පිතිකරුවන්ට කණ්ඩායම ඉදිරියට ගෙන යා හැකි තත්ත්වයක තැබූහ. එහෙත් මැද පෙළ පිතිකරුවන්ට නිසි සම්බන්ධතා ගොඩනැංවීමට ඉඩ නොදුන් ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ තරගයේ පාලනය සියතට ගත්හ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සිය 17 වැනි එක්දින ශතකය ලබාගත් කුමාර් සංගක්කාර පන්දු 115 කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 128 ක් රැස් කිරීමට සමත් විය. ලකුණු 63 කට ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ තුනක් බිද වැටී තිබියදී කුමාර් සංගක්කාර සහ අෂාන් ප‍්‍රියංජන් සිවුවැනි කඩුල්ල ස`දහා ලකුණු 114 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
සිවුවැනි එක්දින තරගයට ක‍්‍රීඩා කළ 24 හැවිරිදි අෂාන් ප‍්‍රියංජන් පන්දු 97 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 60 ක් රැස් කළේය. මෙය අෂාන්ගේ දෙවැනි එක්දින අර්ධ ශතකයයි. ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 68 ක්ව තිබියදී ලකුණු 03 ක් පමණක් ලබා සිටි අශාන් පි‍්‍රයන්ජන් ඞීප් මිඞ්විකට් කළාපයට දුන් උඩ පන්දුව රැකගත්තේ නම් බංග්ලාදේශයට ඉදිරියට ඒමට අවස්ථාව තිබුණි.
එහෙත් පිටියට පැමිණි අවස්ථාවේ සිටම කුමාර් සංගක්කාර පන්දුවට පහර දුන් ආකාරය අනුව බංග්ලාදේශ පන්දු යවන්නන්ට ගැලවීමක් නැති බවක් දක්නට තිබිණ. අත්දැකීම් අඩු කී‍්‍රඩකයකු වන අශාන් පි‍්‍රයන්ජන්ට උපදෙස් දෙමින් සංගක්කාර සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 100 දක්වා ඉහළ දමාගැනීමට කටයුතු කළේය.
නායක ඇන්ජලෝ මැතිව්ස් ඉනිමේ අවසන් ඕවර කීපයේදී පන්දු 39 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් තම පිලේ ලකුණු සංඛ්‍යාව 289 ක් දක්වා ඉහළ දැමීය.
දිනේෂ් චන්දිමාල් නැවතත් අසාර්ථක වෙමින් ලකුණු 9 ක් ලබා සිටියදී තුන්වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර කුසල් පෙරේරා (08) සහ තිලකරත්න ඩිල්ෂාන් (08) ආරම්භක පිතිකරුවන් යුගළ මෙම තරගයේදී ද සාර්ථක ආරම්භයක් ගෙන ඒමට අපොහොසත් වූහ.