Pages

අනියම් පෙම් යුවල ගල් ගසා මරයි  
 
අනියම් සම්බන්ධතාවක් පැවැත්වූයේ යයි පකිස්ථාන යුවළක් ගල් ගසා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි පකිස්ථානයේ බැලුචිස්ථාන් පළාතෙන් මෙම සිද්ධිය වාර්තා වන අතර අදාළ යුවළ වෙනත් පුද්ගලයින් සමග විවාහ වී සිටි 30 හැවිරිදි වියේ පසු වූවන් බව පළාත් අමාත්‍ය සෆ්රාස් භූටි පවසයි කෙසේ
වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ පියා ඇගේ සොහොයුරා ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පියා සහ ඥාතියෙකු ඇතුළු 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර පූජකවරයෙකු ද පිරිස අතර වෙයි.