Pages


මනාප ඉල්ලා නිළියන් ඇඳුම් උනා දමයි  

 
ඉන්දියානු මහ මැතිවරණයේ ආන්දෝලනාත්මක අලුත්ම ප්‍රචාරක මාධ්‍ය වී ඇත්තේ බොලිවුඩ් රංගන ශිල්පිනියන්ගේ නිරුවත හා අඩ නිරුවත යොදා ගනිමින් ප්‍රචාරණයේ යෙදීමයි බොලිවුඩ්
පුරයේ නවක රංගන ශිල්පිනියන් කිහිප දෙනකු තම නිරුවත හා අඩ නිරුවත මැතිවරණ ප්‍රචාරණය සඳහා පුද දුන් බව බොලිවුඩ් වලින් වරින් වර වාර්තා වෙයි මෙහි පළමු පියවර තැබුවේ බොලිවුඩ්හි ප්‍රබල නිරූපණ ශිල්පිනියක මෙන්ම මේ වසරේ තිරගත වීමට නියමිත වෙනස් මාදිලියේ චිත්‍රපටයක ශෘංගාරයෙන් මත්වූ අවතාරයකගේ චරිතයට පණ පෙවූ මේග්නා පටේල්ය ඉන්දීය විපක්ෂයේ ජනප්‍රිය අපේක්ෂකයකු වූ නරේන්ද්‍ර මෝඩිට සහාය පළ කරමින් මේග්නා පටෙල් නිරුවතින් සිටිමින් මෝඩිට ඡන්දය දෙන ලෙස සටහන් කර ඇති පුවරුවකින් ඇගේ නිරුවත වසාගෙන ඇති ඡායාරූප හා නරේන්ද්‍ර මෝඩිගේ පක්ෂයේ ඡන්ද සලකුණ වූ නෙළුම් මලින් නිරුවත වසාගෙන ඇති ඡායාරූප අන්තර්ජාලයට හා ඉන්දියානු තරුණ පරපුර අතරට යවමින් මේග්නා පටේල් මෙම ආන්දෝලනාත්මක නිරුවත් ඡන්ද ප්‍රචාරක වැඩසටහන ඇරඹුවේය