Pages

මිතුරා ගෙදර යවන්නැයි මව කී නිසා සාමාන්‍ය පෙළ සිසුවකු ටයි පටියෙන් එල්ලී මිය ගිහින්  
 
තමා මිතුරාට පොරොන්දුවූ පසු මවගේ කීමට එය වෙනස් කරන්නට සිදුවීම ගැන සිසුවා කණස්සල්ලට පත්ව තිඛෙන නමුත් මව සමග වැඩි වාදයකට නොගොස් එම කීමට අනුකූලවන්නට ඔහු ක්‍රියා කර තිබුණා පසුව තම මිතුරා බස් රථයකට ගොඩකර ආපසු නිවෙස බලා පැමිණි සිසුවා කලකිරුණ සිතින් කාමරයට ගොස් නිදාගෙන සිටින අයුරුද මව දැක
ඇත මේ අතරවාරයේ ශිෂ්‍යයාගේ මව නිවෙස පිටුපස තිබූ දර ගොඩක් කපා සැමියාගේ වෙළෙඳසලට ඒවා ලබාදී විනාඩි 10කින් 15කින් පමණ ආපසු නිවෙස බලා පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ දුටු දෙයින් සිත කම්පනයට පත්ව ඇත කල කිරුණ මනසින් සිටි සිසුවා කාමරයේ පරාලයක ටයි පටියකින් ගෙල වැලලා ගෙන මියගොස් සිටින දර්ශනය මවට දැකගන්නට ලැබී ඇත මවගේ විලාප දෙන හඬ ඇසී අසල්වාසීන් වහා ස්ථානයට පැමිණ ශිෂ්‍යයා රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බව වාර්තා වුණා මෙම සිද්ධිය සියදිවි නසාගැනීමක් බව පරීක්ෂණ වලදී අනාවරණය වන අතර මවගේ සාක්ෂි අනුව ඇතිවූ මානසික කලකිරීමක් නිසා ක්ෂණික ආවේගයට සිදුකරගත් දෙයක් බවට සැකකරන බව පොලිසිය වාර්තා කරනවා