Pages

ව්‍යාජ ඡුායාරූපයකින් පෙම්කර ෆේස් බුක් නිසා දිවිනසාගත් ඇල්පිටියේ දිනේෂා  
 
ඇය නිවසේ අය එහේ මෙහේ වනතුරු බලා සිටියා. පියා නිවසින් පිටව ගොස් ඇති බවත් දැනගෙන තේ කම්හලක සේවය සඳහා යන මව එදා වරුවෙන් සේවයට යන තුරුත්
සිටියා.කාමරයේ තිබුණ මවගේ සාරියක් ගෙනවිත් සාලයේ බාල්කයක එය ගැටගසා ඇය ගෙළ වැළලා ගත්තේ ඉන් පසුය. සාරියට ගෙළ සිරවී ඇය එතැනම මියගියා.සිද්ධිය දැන ගත්පසු නිවැසියන්ට දිනේෂාගේ ප‍්‍රතික‍්‍රියාව අදහාගන්නට බැරිව තිබෙනවා. දියණියන් තිදෙනෙකු යුත් පවුලක දෙවැනියා වූ 19 හැවිරිදි දිනේෂා නිලක්ෂි මේ අවාසනාවන්ත මරණයට ගොදුරුවීම ගැන විලාප දෙමින් අදහස් දක්වමින් ඇගේ මව කියා සිටියේ දරුවන් ෆෝන් අරගෙන කරන වැඩ ගැන දෙමාපියන් සොයා බැලිය යුතු බවත් තමන්ට අත්වූ ඉරණම වැනි දෙයක් තවත් කෙනෙකුට සිදු නොවිය යුතු බවත්ය.ඊයේ සවස වනවිට මියගිය තරුණියගේ මෘත ශරීරය ඇල්පිටිය මූලික රෝහලේ තබා තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.