Pages

ලිංගක අල්ලස් දෙනවා තමයි – නදීෂා  
 
එජාපයෙන් දකුණු පළාත් සභාව සඳහා තරඟ වදින ජනප‍්‍රිය නිලි නදීෂා හේමමාලි පවසන්නේ ටෙලි නාට්‍ය පෙන්වීමට ලිංගික අල්ලස් පවා දීමට සිදුවී ඇති බවයි සති අන්ත පුවත්පතක් හා
සාකච්චාවකට එක් වෙමින් ඇය මෙසේද සඳහන් කරයි හරවත් නිර්මාණ කරන අය ඔවැනි දේ තුළින් තම නිර්මාණවලට ඉඩක් ගන්න පෙළඹෙන්නේ නැහැ හරසුන් නිර්මාණකරුවන් තමයි අඩු මිලට හෝ ඔවැනි අයථා ක්‍රම මගින් හෝ තම නිර්මාණය පෙන්වා ගන්න ඉදිරිපත් වන්නේ කලාවේ විතරක් නෙමෙයිල  වෙනත් යම් කිසි ආයතනයක වුවත් නවක ගෑනු ළමයෙක් එන විට එම ආයතනයේ යම් යම් බලවතුන්ගේ බලපෑම් වලට ලක්වීම සිදුවිය හැකියි ‍පොදුවේ හැමෝම එසේ කළේ නැතත් ඇතැම් අය ඊට පෙළඹෙනවා නවක නිළියන්ට වගේම  ඕනෑම ක්‍ෂේත්‍රයක නවක යුවතියන්ට මෙය බලවත් අසාධාරණයක්