හිටපු මහ ඇමති රතුපස්වල බය අරී
මතභේදයට තුඩුදුන් රතුපස්වල කම්හල එළඹෙන මැයි මාසයට පෙර අනිවාර්යෙන්ම එම ස්ථානයෙන් ඉවත් කරන බවට තමන් සහතික වන බවත්ල අදාල කර්මාන්ත ශාලාව ඉවත් කිරීමෙන් පසුව එම ස්ථානයේ
ඉදි කරන්නේ නිවාස යෝජනා ක්‍රමයක්ද නැතහොත් වෙනත් පරිසර හිතවාදී කර්මාන්ත ශාළාවක්ද යන්න පිළිබඳව ඉදිරියේ සාකච්ඡා කරන බවත් බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රතුපස්වලදී පැවසීය.
අදාල කර්මාන්ත ශාලාව ඉවත් කිරීම පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ මති මතාන්තර දරණ බැවින් ඇත්ත ඇති සැටියෙන් ජනතාවට වගකීමෙන් යුතුව පැවසීම සඳහා තමන් රතුපස්වලට පැමිණි බව ද ඒ මහතා කිවේය.
ගම්පහ නගරාධිපති එරංග සේනානායක, වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ උපාලි මහත්වරුද, රතුපස්වල පරිසර කමිටු සාමාජිකයෝ සහ ප්‍රදේශවාසීහු විශාල පිිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපකෂ අමාත්‍ය වරයා මේ වන විටත් කර්මාන්ත ශාලාව මෙම ස්ථානයෙන් ඉවත් කිරිමට එකග වී ඇති බවයි. මෙය මැතිවරණ පොරොන්දුවක් හෝ ඡන්ද ගුණ්ඩුවක් නොවන බවද රණතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
මීට අමතරව රතුපස්වල අවට සියළුම ගම්මානවල ජනතාවට පානීය ජල පහසුකම් සැලසීමේ වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මක වන බව ඔහු පැවසුවේය. එයට අදාල ජල නල එළීමෙි කටයුතු ක්‍රියාත්මකව පවතින අතර කඩිනමින් එය ද අවසන් කරන බව රණතුංග මහතා කීවේය.
මීට පෙර අවස්ථාවකදී ස්ථාන දෙකකට තමන් මේ සම්බන්ධයෙන් සාකඡ්ඡා කිරීමට පැමිනියද ජනතාවගේ ගැටළු වලට සෘජුව පිළිතුරු දීමට තමන්ට නොහැකි වූ බව කී රණතුංග මහතා අනතුරුව ජනාධිපති වරයා සහ බැසිල් රාජපකෂ අමාත්‍ය වරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්චා කළ බව ද කීවේයග එහිදි ගත් තිරණය අනුව රතු පස්වල කම්හල එම ප්‍රදේශයෙන් අනිවාර්යෙන්ම ඉවත් කරන බවට තමාට සහතික විය හැකියැයිද රණතුංග මහතා අවධාරණය කලේය.
හිටපු ප්‍රධාන ඇමතිවරයා එම ප්‍රකාශය කරද්දී පැමිණ සිටි පිරිස ප්‍රීති ඝෝෂා කළහ.




