Pages

විසි ලක්ෂයක කුට්ටිය සමග ලක් හෙර කොටුවේ


ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක  එක්සත් අරාබි එමීර්  රාජ්‍යයයේ   
ඉන්දියා  ජාතික නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ නොමැති අවස්ථාවක නිවසේ තිබූ රන් ආභරණ සොරාගෙන පලායමින් සිටියදී පසුගිය පෙබරවාරි 12 වැනි දා ඩුබායි පොලිස්  අත්අඩංගුවට පත්ව
ඇත.
 නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ තම රාජකාරි සඳහා නිවසෙන් ගොස් සිටියදී තම දරුවන් ගැන සොයා බැලිමට නිවසට දුරකථන ඇමතුම් කීපයක් ලබාදී ඇත.පසුව ඔහුගේ දරුවෙකු දුරකථනයට පිළිතුරු දෙමින් කියා සිට ඇත්තේ නිවසේ මෙහෙකාරිය නිවසේ නොමැති බවය.

වහා ක්‍රියාත්මකවූ ඉන්දියා  ජාතිකයා නිවසට පැමිණ සෝදිසිකර බැලූවිට ඔහ්ට දක්නට ලැබුනේ රු.1952500 (ඩිරාම් 55000) වටිනා රන්ආභරණ අතුරුදන් වී ඇති බවයි .ඔහු වහාම පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව දින හතරකට පසුව ලංකාවට පිටත්විම සඳහා සකස්කරනලද  ගමන්මලුත් සමග අල්බඩා ප්‍රදේශයේදී ඇය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.