විදුහල්පති බීලා?

විදුහල්පති මාතර සිට බෙලිවත්තේ සිය නිවසට මෝටර් රථයෙන් යද්දී පාපැදියේ ගැටී ඇත.
තුවාල ලැබූ සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
අත්අඩංගුවට ගත් විදුහල්පති තලල්ල රජයේ රෝහලට ඉදිරිපත් කළ පසු සිද්ධිය වන අවස්ථාවේ බීමතින් සිටි බව තහවුරු වූ බව පොලිසිය පවසයි.
ගන්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන 28488 සමන්ත සහ 26813 අනුර මහත්වරු විමර්ශන සිදු කරති.