හැටන් වාහන තුනේ අනතුරින් හොන්ඩා සීආර්වී රථය දෙපැත්තෙන් චප්ප වෙලා
අද උදෑසන හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ෂැනන් ප‍්‍රදේශයේ ලංගම බස් රථයක් බස් නැවතුමක නවතා මගීන් එකතු කරමින් සිටින අතර එය පසුපස හොන්ඩා සීආර්වී කාරයක්ද
නවතා තිබුණා.මේ අවස්ථාවේ හැටන් සිට ඉතා අධික වේගයෙන් තිරිංග නොමැතිව ධාවනය වූ ලොරි රථයක් පැමිණ කාරයේ ගැටිමෙන් කාරය බස් රථයේ ගැටීමෙන් වාහන 3 ක අනතුරක් සිදුව තිබෙනවා.අද උදැසන 10.00 ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර මෙම අනතුරින් සුඛෝපභෝගී හොන්ඩා සීආර්වී කාරයට දැඩි ලෙස අලාභ හානී සිදු වී ඇත. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර ලොරි රථ රියදුරා අත් අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා.මෙම අනතුර නිසා නතර කර තිබූ ලංගම බස් රථය අඩි කීපයක් ඉදිරියට ඇදී ගොස් ඇති බවද වාර්තාවී තිබුණා.