තිරිමාන්න - මැතිව්ස් අවදානම් ගමනක

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන
එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කය හඹායන ශ්‍රී ලංකා පිල ඕවර 20 ක් අවසන් වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටියේය.
එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කය හඹායන ශ්‍රී ලංකා පිල ඕවර 20 ක් අවසන් වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටියේය.
ළහිරු තිරිමාන්න (නොදැවී 30) සහ ඇන්ජලෝ මාතිව්ස් (නොදැවී 06) පන්දුවට පහර දෙමින් සිටියහ.
කුසල් පෙරේරා (0), කුමාර් සංගක්කාර (02) සහ මහේල ජයවර්ධන (0) ලකුණු 8 ක් තුළ දැවී යෑමෙන් ශ‍්‍රී ලංකා පිල අර්බුදකාරි තත්ත්වයකට පත්විය.
පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ එනමුල් හක් පන්දු 86 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 49 ක් රැස් කළේය.
ලකුණු 119 කට කඩුලූ 5 ක් දැවී තිබියදී නසීර් හොසේන් (30) සහ මහුමුදුල්ලා (30) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 200 යේ සීමාවට යෑමට මග සකස් කළහ.
බංග්ලාදේශ ආරම්භක පිතිකරු යුගළ එනමුල් හක් (49) සහ ශම්සූර් රහමන් (39) ලකුණු 74 ක සම්බන්ධතාවක් පැවැත්වුව ද සෙසු පිතිකරුවන් විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමට අපොහොසත්වීම නිසා ඉනිම කඩා වැටුණි.
අෂාන් ප‍්‍රියංජන් (11/2), තිසර පෙරේරා (29/2), සුරංග ලක්මාල් (32/2) සහ අජන්ත මෙන්ඩිස් (55/2) කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.
බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් අද තරගය සඳහා දිනේෂ් චන්දිමාල් කී‍්‍රඩා නොකරන අතර ඔහු වෙනුවට අෂාන් පි‍්‍රයන්ජන් කැඳවා තිබේ.