Pages

සචිත‍්‍ර සේනානායකට පුතෙක්.


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පිට-දඟපන්දු යවන කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායක ගැන මේ කියන්නේ සුබ ආරංචියක්. ඒ තමයි සචිත‍්‍ර සේනානායක දැන් පියෙක් කියන එක. මෙතෙක් කල් ඔහුත් ඔහුගේ බිරිඳත් හිටපු ලෝකයට තවත් අලුත් සාමාජිකයෙක් එක්කරමින් ඔවුන්ට සුරතල් පුතෙකු ලැබී තිබෙනවා.

Hiru Sports Corner ආරංචි මාර්ග අනුව ඒ පුංචි පුතා ඉපදුනේ පහුගිය සෙනසුරාදායි. 

ඉතිං ආසියානු කුසලානය සඳහා සහභාගි වෙමින් සිටි සචිත‍්‍ර සේනානායක මේ කුළුඳුල් පුතාගේ ආරංචියත් එක්කම කෙලින්ම ලංකාවට ඇවිත්. ඔහු මේ දිනවල දරු සුරතල් බලනවා. හැබැයි ඉතිං ඔක්කටම වඩා රට වෙනුවෙන් කී‍්‍රඩාකරන එක ලොකු නිසා අද තරඟයට සහභාගි නොවුනත්, මීළඟ තරඟයට සහභාගිවීම සඳහා සචිත‍්‍ර ඉක්මනින්ම බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇති. 

දැන් තමන් පියෙකුවීමේ සතුටත් එක්ක සචිත‍්‍ර මීළඟ තරඟයට හුඟාක් සතුටෙන් කී‍්‍රඩා කරාවි.