ෆේස්බුක් වලින් සිද්ධ උන යහපත් වැඩ මෙන්න

. එවැනි යහපත් ක‍්‍රියාවක් පිළිබදව ෆේස්බුක් වෙබ් අඩවියේ තිබූ සටහනකින් වැඩිදුර විස්තර සොයාගිය අපට උණවටුණ ප‍්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සිදුකල වටිනා පින්කමක් ගැන විස්තර ඔබවෙත ගෙන ආවා. එම ගොසිප් වාර්තාවට පාඨකයන්ගෙන් ලැබුනේ ඉමහත් ප‍්‍රතිචාරයක්.
එම වාර්තාව මෙතනින් බලන්න.
එවැනිම යහපත් සත්ක‍්‍රියාවක් පිළිබදව ෆේස්බුක් සමාජජාලය තුළින් තුබූ වාර්තාවක් සොයා ගිය අපට දැනගන්නට ලැබුනේ තවමත් මනුස්සකම වියැකී නොගිය පිරිස් අප අතර ඉතිරිව සිටින බවයි. මේ ඒ පිළිබදව කතාවයි. මාස තුනක් වයසැති ගැහැණු බලු පැටවෙකු රෝහල් භූමියක තනිවී සිටියා. බලුපැටවා සමග උපන් පිරිමි බලුපැටවුන් දුටු අය ඇතිකරන්නට ගෙන ගියත් ගැහැණු බලුපැටවකු කවුරුත් ගෙනගොස් හදාගන්නට බොහෝ අය ස්වභාවයෙන්ම අකමැති වන්නේ ඇය පැටවුන් වදන නිසාවෙන්. ඒ න්‍යායට අනුව තනිවූ මේ බලු පැටවා ඉබාගාතේ යනවිට අපිරිසිදු පරිසරය නිසා හමේ රෝගයකට ලක්වූනා. පසුව රෝගය ක‍්‍රමයෙන් වැඩෙන විට දකින දකින කෙනා බල්ලා වෙත එල්ල කලේ ගල් පහරවල් හා පා පහරවල්ය. නමුත් අසරණ බලු පැටවාගේ පෙර පිනකට මෙන් රෝහල් භූමියේදි එක්තරා කාන්තාවක් මුණගැසුනා.




ඇය බල්ලාව පසුකර යන අනිත් අය මෙන් පව් අසරණ බල්ලා යැයි නොකියා ඌට උපකාර කලහැකි ක‍්‍රමයක් ගැන කල්පනා කලා. ඇයට සිහියට ආවේ ෆේස්බුක් අඩවියේ ඇය දැක තිබූ Ray of Hope Sri Lanka නම් ෆේස්බුක් පිටුවයි. එය අසරණවූ සතුන්ට උදව් උපකාර කරන තරුණ තරුණියන් මගින් පිහිටුවාගත් සංවිධානයකි. පසුව ඔවුන් ඇමතූ ඇය අසරණ බලු පැටවා ඔවුන් භාරයට පත් කලා. මාස තුනක ප‍්‍රතිකාර හා රැකවරණයකින් පසුව ඒ අසරණ බලු පැටවාගේ අද තත්ත්වයයි මේ...


ෆේස්බුක් සම්භන්ධයෙන් හා එය භාවිතය සම්බන්ධයෙන් දිගින් දිගටම වැරදි දේ වාර්තා වුවත් එය යහපත් දේ සදහාද භාවිතා වන බවට මෙය කදිම උදාහරණයක්. අප වටා තිබෙන කොයි දේත් යහපත් මෙන්ම අයහපත් දේ පිරී පවතිනවා. එය සුභදායි ලෙස භාවිතා කිරීමට බුද්ධිමත්වීමට භාවිතාකරන්නන් වගබලාගත යුතු වනවා. එම තරුණ තරුණියන් ෆේස් බුක් මාර්ගයෙන් (Ray of Hope Sri Lanka) අසරණ සතුන් පිළිබදව දැනුවත් කරමින් ඔවුන්ව රැක බලාගැනීම හා ප‍්‍රතිකාර කිරීමේ වැඩසටහන් විශාල වශයෙන් පවත්වනවා. එවැනි අවස්ථාවන් කිහිපයක ඡායාරූපයි මේ...











