Pages

මං ඒ තරම් ගෑනු ළමයි ආශ්‍රය කරලා නැ.... කාලෙකට පස්සේ පින පෑදුනු ලකී ඩයස් කියයි...


ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී නිර්මාණය කරපු අබා චිත්‍රපටයෙන් පස්සේ සිංහල සිනමාව තුල ඉතිහාස රැල්ලක් ඇතිවුනානේ.ඒ රැල්ලට එකතුවෙන අලුත්ම චිත්‍රපටය ඇහැලේපොළ කුමාරිහාමි.මේ ෆිල්ම් එක නිසා හිතේ තිබුණු බලාපොරොත්තුවක් ඉටු කරගන්න ප්‍රවීණ රංගනශිල්පී ලකී ඩයස්ට පුළුවන් වෙලා.මෙච්චර
කාලයක් ඔහු බලාගෙන ඉඳලා තියෙන්නේ ඉතිහාස කතාවක් ඇසුරින් නිර්මාණය වෙන චිත්‍රපටයක රඟපාන්න.මීට කලින් එකම එක ෆිල්ම් එකකට ආරාධනා ලැබුනත් දින ප්‍රශ්නයක් නිසා ඒක භාරගන්න බැරිවෙලා.කොහොමවුනත් ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ නම් ලකී ඩයස්ට ලැබිලා තියෙන්නේ ප්‍රබල චරිතයක්.ඒ අරිට්ටකී වෙන්ඩු කියන ද්‍රවිඩ නිලමේගේ චරිතය.දිග කොණ්ඩයක් වවාගෙන ද්‍රවිඩ පෙනුමෙන් ඉන්න තමන්ව දැක්කට කවුරුත් අඳුරගන්න එකක් නැ කියලත් ඔහු අපිත් එක්ක කිව්වා.
1814 දී ඇතිවුණු කැරැල්ලට 2014 වෙනකොට අවුරුදු 200ක් වෙනවා.ඉතින් ඒ නිසා ඒ කැරැල්ල ගැන තේමාකරගෙන නිර්මාණය වුනු ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටය මේ අගෝස්තු මාසේදී තිරගත කරන්නලු හිතාගෙන ඉන්නේ.කොහොමවුනත් ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයෙන් පස්සේ ලකී ඩයස්ට වාසනාව උදාවෙලා.මොකද ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ දුටු ගැමුණු වගේම සනත් අබේසේකරගේ අනගාරික ධර්මපාල චිත්‍රපටයෙත් රඟපාන්න ඔහුට අවස්තාව ලැබිලා.ඉතිහාස චිත්‍රපටයක රඟපාන්න ආසාවෙන් හිටපු තමන්ට අතිවිශිෂ්ට නිර්මාණ තුනකම එකවර රඟපාන්න ලැබුනේ කාලෙකට පස්සේ පින පෑදුනු නිසා කියලයි ලකී ඩයස් අපිත් එක්ක කිව්වේ.

රංගන ශිල්පී ලකී ඩයස් කිව්වම අපේ හිතේ ඇඳෙන රූපයක් තියෙනවනේ.ඒ පෙනුමට ඔහුගෙ රැවුලත් ලොකු ආභරණයක් වෙලා.ඒක ඔහුටම අවේනික දෙයක් වෙලා.ඉතින් හොඳ චරිතයක් වෙනුවෙන් ඒ රැවුල කපන්න කැමති නැද්ද කියලා අපි ඔහුගෙන් ඇහුවා.

ලකී ඩයස් -:

රැවුල ආභරණයක් කරගෙන නැ මං.ඇත්තටම යශෝරාවයේදී කපන්න තිබුණු රැවුලක් මේ.නමුත් එතැනදී සෝමවීර සේනානායක වගේම පරාක්‍රම නිරිඇල්ල මහත්තයත් මගේ දිහා බලලා කිව්වා රැවුල තියමු කියලා.ඒකෙන් වුනේ මුළු ලංකාවටම රැවුල් කාරයෝ බෝ වුනා.දැන් නම් ඒක ටික ටික වෙනස් වෙලා.රැවුල විතරක් නෙමේ කොන්ඩෙත් බු ගානවා මට හරි චරිතයක් ලැබුනොත්. යශෝරාවයේ බලදේවගේ චරිතය කාටවත් අමතක වෙන්නේ නැ වගේ,ආයේ ඒ වගේ චරිතයකට මට හිස බු ගාලා රැවුල කපලා ඕන නම් සිරුර මහත් කරගෙන හෝ කෙට්ටු කරගෙන මොනවා හරි විපර්යාසයක් කරන්න මං සුදානම්.ඒ තරම් මගේ කලාවට තියෙන කැපවීම සිමා රහිතයි.

ප්‍රශ්නය -:

ඔබ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න කැමති නැද්ද?

ලකී ඩයස් -:

අන්න එතන තමා ප්‍රශ්නේ තියෙන්නේ.මං චිත්‍රපට නිෂ්පාදනය කරලා තියෙනවා.මං අන්තිමට නිෂ්පාදනය කරපු ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ මගේ ගුරුතුමා ගාමිණී ෆොන්සේකා මහත්තයා.එතුමාගේ වියෝවෙන් පස්සේ මට චිත්‍රපට කිරීමට තරම් හිතක් නැ.මොකද එතුමා එක්ක ෆිල්ම් 2ක් කරන්න මං හිතාගෙන හිටියා.ඒ දෙකේ පිටපත් මතක සටහන් හැටියට තාම මං ළඟ තියෙනවා.අධ්‍යක්ෂණය කරන එකනම් මට ඕන වෙලාවක පුළුවන්.මං නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍ය වලටනම් සම්මානත් ලැබුනා.දැන් නම් මේ තියෙන ආර්ථික පසුබිම උඩ විශ්වාසයක් ඇතිව මුදල් ආයෝජනය කරන්න බැ විශේෂයෙන්ම ටෙලි නාට්‍ය වලට.ටෙලි නාට්‍ය කලාව තුට්ටු දෙකට බැහැලා තියෙන්නේ.කසි කබල් දේවල් කරන්න බැ අපිට.මේ කරන ඉතිහාස චිත්‍රපට වලට ඉතාම විශාල මුදලක් වැය වෙනවා.මං දුප්පත් කලා කාරයෙක්.මට එච්චර සල්ලි නැ.කවදාවත් අධ්‍යක්ෂනණය කරන්නේ නැ කියලා කියන්නේ නැ.යම්කිසි දවසක ඒකටත් වාසනාව පදිලා පොඩි ස්වීප් ටිකට් එකක් අැදුනොත් බලමු.

ප්‍රශ්නය -:

ඊළඟට අහන්නේ වෙනස්ම ප්‍රශ්නයක්.අපි හැමෝටම නැතුවම බැරි දෙයක්නේ ආදරය.ආදරය ගැන ඔබට දැනෙන හැඟීම,ඔබ හොඳ පෙම්වතෙක්ද?

ලකී ඩයස් -:

මං හොඳ පෙම්වතෙක්ද කියලා ඉතින් මට නම් කියන්න බැහැ.අනික ඉතින් මං ඒ තරම් ගැනු ළමයි ආශ්‍රය කරලත් නැ.ඒ ගැනු ළමයින්ගෙන් ඇහුවමත් උත්තරයක් දෙන්න තරම් ලොකු පිරිසක් මාව ආශ්‍රය කරලත් නැහැ.හැබැයි ඉතින් ඔයා වගේ ගැනු ළමයෙක් ඒක තීරණය කරලා මොකක් හරි වචනයක් දෙන්න..