Pages

සිවුදරු මව ඉස්සූ අනියම් පෙම්වතා මරුට

නිට්ටඹුව පොලිස් වසමේ එල්ලක්කල කටුලන්ද වත්ත ප‍්‍රදේශයේ විවාහගත සිවුදරු 4 කාන්තාවක සමගින් අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති පුද්ගලයකු එම කාන්තාව හමුවීම සඳහා
ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේ කාන්තාවගේ නීත්‍යනුකූල සැමියා සහ පියාට හසුව ඔවුන්ගේ පහර කෑමෙන් පසුගිය සිකුරාදා 7 දා සවස මියගොස් ඇත. මෙසේ මරණයට පත්ව ඇත්තේ රාගම, බටුවත්තෙහි පදිංචි පුද්ගලයෙකි. රැකියාව වශයෙන් තැනින් තැන කුලී වැඩ කරමින් දිවිගෙවා ඇති මියගිය පුද්ගලයා මීට මාස 5කට පමණ පෙර සිට එම සිවුදරු කාන්තාව සමග අනියම් සම්බන්ධයක් ඇති කර ගෙන ඇති අතර පසුව මෙම පුද්ගලයා දරුවන් සිවුදෙනකු සමගින් එම කාන්තාව රැගෙන ගොස් නිවෙසක්ද කුලියට ගෙන අඹු සැමියන් සේ ටික කලක් ජීවත්ව ඇත.මේ අතුරතුර කාලයේ එම කාන්තාවගේ නීත්‍යනුකූල සැමියා ඒ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසියට පැමිණිල්ලක් කොට ඇත.ඊට පසු දිනකදී සිය සැමියාට දුරකතන ඇමැතුමක් ලබා දෙමින් එම සිවුදරු කාන්තාව කියා ඇත්තේ අනියම් පෙම්වතා තමා රවටා දරුවන් සිවු දෙනාද සමගින් තමාව ඌරාපොළ නගරයේ අතරමංකර දමා පලාගොස් ඇති බවයි. එම ඇමතුමට අනුව වහාම ඌරාපොළ නගරය වෙත ගොස් ඇති සැමියා දරුවන්ද සමගින් නැවැතත් තම බිරිය නිවෙසට කැඳවාගෙන විත් ඇත. පසුව එක් දිනෙක නැවැතත් එම කාන්තාව මුණගැසීම සඳහා අනියම් පෙම්වතා නිවෙසට පැමිණ ඇති අතර එය දැකීමෙන් කුපිත වී ඇති කාන්තාවගේ සැමියා සහ පියා කළ පහරදීමකින් අනියම් පෙම්වතා මියගොස් ඇත.