පාකිස්තානය ලකුණු 72 කින් ජය ලබයි

ජයග‍්‍රහණය සඳහා ලකුණු 249 ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානු ඉනිම ලකුණු 176 කට සීමා විය.
පාකිස්තානය මෙහිදී
අතිරේක ප‍්‍රසාද ලකුණත් සමග ජය ලැබීම නිසා මේ වන විට ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා සිටියි.
උමාර් අක්මාල් පන්දු 89 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස් කරමින් පාකිස්තානු පිලේ ගැලවුම්කරු බවට පත්විය. මෙය 23 හැවිරිදි උමාර් අක්මාල්ගේ දෙවැනි එක්දින ශතකයයි.
පාකිස්තානය ලකුණු 117 කට කඩුලූ 6 ක් බිද වැටී සිටියදී උමාර් අක්මාල් (නොදැවී 102) සහ අන්වර් අලී (21) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවනීය තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ.
පාකිස්තානු පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 248
(ශර්ජීල් ඛාන් 25, අහ්මඞ් ශෙෂාඞ් 50, උමාර් අක්මාල් නොදැවී 102, අන්වර් අලී 21, උමාර් ගුල් 15, ඩව්ලට් ශදාන් 73/2, මිර්වයිස් 29/2, සමියුල්ලා ශින්වරි 34/2)
ඇෆ්ගනිස්තානු පිල ඕවර 47.2 කදී 176
(නූර් අලී ශදාන් 44, අස්ගර් ස්ටනික්ෂානි 40, නව්රොෂ් මන්ගල් 35, මොහොමඞ් නබී 15, උමාර් ගුල් 44/2, සයිඞ් අජ්මාල් 25/2, මොහොමඞ් හෆීෂ් 29/3)