බිරිය පැහැරගෙන ගොස් කප්පන් ගෙන ආපසු එවූ මිතුරාගෙන් පලියගත් සොහොයුරෝ
පැහැර ගැනීමක් ඝාතනයක් දක්වාම දුරදිග ගියේ ය. කොළඹ ආදුරුප්පු වීදියේ නිවාස සංකීර්ණයකදී ඇති වූ මේ පලහිලව්ව වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ තිස්තුන්
හැවිරිදි දෙදරු පියකුට ය. ඔහු මොහොමඞ් රිස්වාන් ය. ගෙල කපා දමා ඝාතනය කර තිබූ රිස්වාන්ගේ සිරුර හමුවූයේ කොළොන්නාවත් ගොතටුවත් වෙන් කෙරෙන අයි. ඞී. එච්. වේල්ලෙනි. ඒ නාඳුනන මළ සිරුරක් වශයෙනි. මේ වැයික්කිය වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ අණසක යටතේ පවතින්නකි. වැල්ලම්පිටිය පොලිසිය මූලික විමර්ශන අරඹද්දීම මහ කොළඹ බාර නියෝජ්‍ය පොලිස් පතිවරයාගේ අධීක්ෂණයෙන් පොලිස් බුද්ධි අංශ ද කැඳවා තිබිණි. එතැන් පටන් මොහොමඞ් රිස්වාන් ඝාතන විමර්ශනය හමාර වනතුරුම ඒ හා සම්බන්ධ විමර්ශනවල බර කරට ගනු ලැබූයේ බුද්ධි අංශ නිලධාරීන්ය.නාඳුනන මළ සිරුර කාගේදැයි හෙළිකර ගැනීම පොලිසිය මුලින් මුහුණදුන් විශාලම අභියෝගය විය. එහෙත් පළපුරුදු පොලිස් නිලධාරීන්ට මරා දමා තිබුණු මේ තැනැත්තා කොළඹ ආදුරුප්පු වීදියේ පදිංචිකරුවකු බවට හඳුනා ගැනීම දුෂ්කර නොවීය. ඔහු මොහොමඞ් රිස්වාන් බව හෙළිදරව්වීමත් සමඟ පොලිස් බුද්ධි අංශයේ නිලධාරියකු රිස්වාන් පදිංචිව සිටි බාබර් වීදියට යන්නේ රිස්වාන් මරා දැමීමට හේතුවූ කරුණු කාරණා සොයමින් ය. එලෙස ගිය බුද්ධි නිලධාරියා මුස්ලිම් ජාතිකයකුවීම පරීක්ෂණවලට මහත් පිටුවහලක් විය. ඒ රිස්වාන් පදිංචි ප්‍රදේශයේ බහුතරයක් මුස්ලිම් ජාතිකයන් වීමත් බුද්ධි නිලධාරියා දන්නා හඳුනන කිහිපදෙනකුද රිස්වාන් පදිංචිව සිටි ප්‍රදේශයේ ජීවත්වීමත් නිසා ය. නිලධාරියා ඔවුන්ගෙන් තොරතුරු විමසීමේදී රිස්වාන් ඇසුරු කළ කිහිපදෙනකු ගැන දැනගන්නට ලැබිණි. ඉන් එක් අයකු වූයේ අස්මි ය. ඔහු හා රිස්වාන් අතර දැඩි මිත්‍රකමක් තිබිණි. ඒ පිළිබඳ තොරතුරු සොයාගත් පොලිසිය රිස්වාන් අන්තිමට ඇසුරු කළේ කවුදැයි යන්නද සොයා ගත්තේ ය. ඔහු මුබාරක් ය. අස්මිගේ සොහොයුරකු වූ මුබාරක් හා රිස්වාන් අතර මෑතක සිට දැඩි මිත්‍රකමක් තිබිණි. ළඟක සිට වඩාත් වැඩිවෙමින් පවතින බව පෙනුණු මේ මිතුරුකම පිළිබඳ මියගිය රිස්වාන්ගේ පියා නම් එතරම් සුබවාදීව දුටුවේ නැත