රිතික්ගෙන් දික්කසාද වන්දිය කෝටි සියයක්
රිතික් රෝෂන් පසුගියදා ඔහුගේ දහතුන් වසරක විවාහ ජිවිතය කෙළවර වුණා. සුසෑන් ඛාන් සමග ඔහු විවාහ වූයේ ළාබාල වියේදීම ඇතිකරගත් දිගු කාලීන පෙම් සබඳතාවයකින් පසුවයි. මේ
විවාහය බිඳ වැටීමට හේතුව රිතික් හා මෙක්සිකානු නිළි බාබරා මෝරි අතර පෙම් සබඳතාවයයි.රිතික්ගෙන් දික්කසාද වීමට නඩු පවරන බව හා එහිදී දික්කසාද වන්දිය වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි සියයක් ඉල්ලන්නට බලාපොරොත්තු වන බව සුසෑන් කියා තිබෙනවා.
රිතික් වැනි ධනවත් නළුවෙකුට මෙය විශාල මුදලක් නොවන බව කියන සුසෑන්ගේ නීතිඥයින් එම මුදලින් වැඩි කොටස දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන බව පවසා තිබෙනවා.මේ අතරේ රිතික් හා බාබරා මෝරි අතර පෙම් සබඳතාවයටත් වඩා මේ සඳහා බලපෑ බවට තවත් දෙයක් කටකතාවක් ලෙස පැතිරිලා.ඒ සුසෑන් හා ජනප‍්‍රිය නළු අර්ජුන් රාම්පාල් අතර යම් සබඳතාවයක් හේතුවෙන් මේ වෙන්වීම සිදු වූ බවයි. රිතික් හා බිරිය සමග අර්ජුන් හා ඔහුගේ බිරිය මෙහෙර් ඉතා කිට්ටු හිතවත්කම් පවත්වනවා. මේ නිසා මේ කටකතාව හැදෙන්නට ඇතැයි සමහරු සැක කරන්නේ අර්ජුන් තම බිරිය හා දියණියන් දෙදෙනා සමග ඉතා ප‍්‍රීතිමත් පවුල් ජිවිතයක් ගෙවන බවට ඇති විශ්වාසය නිසයි. කලක් ප‍්‍රකට නිරූපිකාවක වූ අර්ජුන්ගේ බිරිය වර්තමානයේ ජනප‍්‍රිය ඇතැම් නිළියන්ව මෝස්තර ලෝකයට හඳුන්වාදීමේ ගෞරවයත් හිමිකරගෙන සිටින අයෙක්.