Pages

දැරිය වැඩකාර කමට ගත් ගුරා යකෙක් යැයි කියා දැරියගේ දෙපා පුළුස්සයි...........  
 
හොරොව්පතාන අධ්‍යාපන කොට්ඨාස ඉංගී‍‍්‍රසි උපදේශකවරයෙකු විසින් රත් කරන ලද යකඩයකින් දෙපතුල්වලට පහරදීම නිසා ඇවිදීමට නොහැකිව පිළිස්සුම් තුවාල ලබා සිටින
සිසුවියක පිළිබඳව තොරතුරු අපට අද වාර්තා වුණා. හොරොව්පතාන මොරකෑව සුවඋදාන ගම්මානයේ ජීවත්වන ඇය නමින් එන්. රංජනී කුමාරියි. මෙම ශිෂ්‍යයාව අදාළ කොට්ඨාස අධ්‍යාපන උපදේශකවරයා මෙන්ම ඇය ඉගෙනුම ලැබූ විදුහලේ ඉංගී‍‍්‍රසි ගුරුවරයා ද වන ධර්මසිරි ජයලත්ගේ නිවසට ගොස් තිබුණේ එම ගුරුවරයාගේ දරුවා රැුකබලා ගැනීම සඳහායී. එහෙත් පොරොන්දු වූ වැටුප් නොලැබීම නිසා මෙන්ම තවත් ළමයෙකු එහි සේවයට පැමිණීම නිසා ඇය නැවත නිවසට පැමිණ තිබෙනවා.ඇයට ඒ සඳහා දිනකට රුපියල් 500 බැගින් ද දෙන බව පවසා ඇත. මොරකෑව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන රංජනී පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබෙනවා. ටික දවසකින් දරුවා බලා ගැනීම අතහැර සිය නිවසට ආ සිසුවියට ගුරුවරයාගේ බිරිය තර්ජනය කරමින් පවසා ඇත්තේ දින තුනක් ඇතුළත කෙසේ හෝ ඇය නිවසට ගෙන්වා ගන්නා බවයි.ගුරුවරයා යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ද කරන අයෙකියි ද කියති.දැරියගේ මව පැවසුයේ දින තුනක් යද්දී දැරියට රෝගයක් වැළදුණු බවයි. පසුව ඇප නුලක් දමා ගැනීමට එම ගුරුවරයාගේ නිවසට ගිය පසු ඇයට යකෙකු වැසී ඇති බව පවසමින් යකා එළවා දමන බව පවසා පැමිණ සිටි පිරිස ඉවත් කර යකඩ බටයක් රත්පැහැවන තුරු රත් කර සිය දියණියගේ යටි පතුල් පුළුස්සා ඇත. සිසුවියගේ සහෝදරයා වන ඒ විජය කුමාර එම සිද්ධිය ඇසින් දුටුවෙකි.