දංකොටුව බුජ්ජම්පොල පිහිටි කර්මාන්ත පුරයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි තරුණයෙකු තමා සේවය කරමින් සිටි කර්මාන්ත ශාලාවේ ගබඩා කාමරය තුළ ගෙළ වැළලාගෙන
මිය ගොස් සිටියදී හමුවී ඇත. මිය ගොස් ඇත්තේ පන්නල පහල කොටුවැල්ල පදිංචිව සිටි සුරියආරච්චිලාගේ හර්ෂ පද්මකුමාර සුරියආරච්චි 34 නම් අයෙකි.සෙනසුරාදා 22 සවස මිය ගොස් සිටි අයගේ මළ සිරුර ගබඩා කාමරයේ තිබී එහි සේවකයන්ට හමුවී ඇත.පසුව මේ බව කොස්වත්ත පොලීසියට දැණුම් දිමට ඇගළුම් කර්මාන්ත ශාලාවේ පලනාධිකාරිය කටයුතු කර ඇත. පසුව කොස්වත්ත පොලීසියේ නිලධාරීන් සිද්ධිය වී ඇති ඇගළුම් කර්මාන්ත ශාලාවට පැමිණ මූලික විමර්ශන කටයුතු සිදු කර ඇත.ඇගළුම් සේවකයා මිය ගොස් සිටි ස්ථානයේ තිබී තම ඔහු තම මවට ලියූ ලිපියක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.කාලයක පටන් තම මව රෝගී තත්ත්වයෙන් පසුව වන බවත්,එම රෝගය සුව කර ගැනීමට නොහැකි කම නිසා මෙම තරුණයා දැඩි සිත් වේදනාවෙන් සිට ඇති බව එම ලිපියේ සදහන් වන බව පොලීසිය කියයි.පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. කොස්වත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි