Pages

අම්මා ෆෝන් එපා කිව්වම දුව ගෙල වැලලාගෙන  
 
පෙම්වතා විසින් ලබාදුන් බව කියන ජංගම දුරකථනය අනවශ්‍ය ලෙස අත පත ගෑමත් ඔහු සමග  ඕනෑවට වඩා කතාවත් එපා යැයි මව දුන් අවවාදය නොරිස්සු මහව ප‍්‍රදේශයේ පදිංචි 16
හැවිරිදි පාසල් දැරියක ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ.ඊයේ පස්වරුවේ මෙම අවාසනාවන්ත සිද්ධිය වී ඇත.මහව, පොල්පිතිගම ප‍්‍රදේශයේ පදිංචි ඇය ඉකුත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සිසුවියකි.ප‍්‍රදේශයේම තරුණයෙකු හා පේ‍්‍රම සබඳතාවක් ආරම්භ කර ඇති ඇයට තෑග්ගක් ලෙස ඔහුගෙන් දුරකථනයක් ලැබී තිබේ.එම ජංගම දුරකථනය සමග නිතරම දවස ගෙවීමෙන් වළකින ලෙසට මව විසින් ඇයට ඉකුත් දිනෙක අවවාද කර ඇත.එම අවවාදය නොරිස්සූ ඇය නිවසේ කාමරයට වී දොර වසාගෙන සල්වාරී සාරි රෙද්දකින් ගෙල වැලලාගෙන ඇත.