Pages


හොර 5000 නෝට්ටුවක් දී බියර් ඉල්ලූ සරසවි සිසුවා  

 
අද කාලයේ තරුණයින් විවිධාකාරයේ අලූත් දේවල් අත්හදාබලන්නට කැමතිය. මුදල් නැති කමට අලූත් වැඩක් කරන්නට සිතූ සරසවි සිසුවෙකු හොර නෝට්ටු කම්හලක් දැමූ කතාවක්
මින් කාලයට පෙරත් වාර්තා වුණා.සබරගමුව සරසවියේ ප‍්‍රථම වසරේ සිසුවෙකු ඊයේ පෙරේදා තවත් එවැනි වැඩක් කර හසුවුණා. ඔහු හොර නෝට්ටු නිර්මාණය කර තිබුනේ බියර් බොන්නටය.රුපියල් පන්දහසක ව්‍යාජ මුදල් නෝට්ටුවක්දී බීර කෑන් එකක් ඉල්ලූ ඔහුව 23 වැනිදා පස්වරුවේ බළන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුනා. සවස 3ට පමණ බළන්ගොඩ මත්පැන් හලකට ගොස් මෙලෙස මත්පැන් ඉල්ලා තිබුණ ඔහු එය ඉල්ලන අවස්ථාවේ සැකයක් ඇතිවූ බැවින් මුදල් අයකැමි ව්‍යාජ නෝට්ටුවක් දැයි යන්ත‍්‍රය මගින් පරීක්ෂාකර  තිබුණා. එය ව්‍යාජ බව තහවුරුවීම නිසා සිසුවා පොලීසිය වෙත භාරදෙන්නට අයකැමි කටයුතු කරා.