Pages

රයිනා,දෝනි තරග පාවා දුන්නාද?


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි සහ සුරේශ් රයිනා IPL 2013 තරග වාරයේ මැයි මස 12 වෙනි දින පැවැත්වූ රාජස්තාන් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගයේදී, මුදලට තරග පාවාදීමේ චෝදනාවකට හසුවී තිබෙනවා.

මුකුල් මුඩ්කල් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ IPL තරග පාවාදීම් සහිත වාර්තාවේ මහේන්ද්‍ර සිං දෝනිගේ සහ සුරේශ් රයිනාගේ නම් ඇති බව සදහන්.


චෙන්නායි හි පිහිටි King Pin Mastermind Betting හි අයිතිකරු වන කිටි උතම් ජේන් එම වාර්ථාවේ සදහන් කර ඇත්තේ වික්‍රම් අගර්වාල්, ගුරුනාත් මෙයියප්පන්, මහේන්ද්‍ර සිං දෝනි, සුරේශ් රයිනා ඇතුලු තවත් ක්‍රීඩකයින් පිරිසක් තරග පාවාදීමෙහි නිරත වන බවයි.

එම වාර්තාවේ කරුණු මේ වනවිට විමර්ශනය කෙරෙමින් පවතින අතර තවමත් ඔවුන් තරග පාවා දුන් බවට කරුණු ඔප්පු වී නොමැත.

2013 වසරේදී ෆෝර්බ්ස් සගරාව විසින් සිදුකල සමීක්ශනයකදී ප්‍රකාශ කරන ලද්දේ ලොව වැඩිම ආදායමක් ඇති ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් මහේන්ද්‍ර සිං දෝනී පලමු ස්ථානයේ පසු වන බවයි.ඔහුගේ මුලු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 26.5 කි.දෙවනි ස්ථානය ඩොලර් මිලියන 18.6 ලබා සචින් ටෙන්ඩුල්කාර් රැදී සිටී.

මේ අතර මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරු වන ගුරුනාත් මෙයියප්පන් වැරදිකරු විය.එම නිසා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම IPL තරගාවලියෙන් ඉවත් කිරීමේ අවධානමක්ද ඇත.


Read more: http://www.33000.in/2014/02/dhoni-raina-match-fixing-case.html#ixzz2tN2lceIK
Follow us: 33000lk on Facebook