නවම් පෙරහර කොළඹ හැඩ කරයි
කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් පෙරහර අද වීදි සංචාරය කළේය. මහින්ද රාජපක්ෂ ජනපති හා රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා සධාතුක කරඬුව, කැලණියේ කණ්ඩුල හස්තියා මත තැබීමෙන් පසු පෙරහර විදී සංචාරය කිරීම ඇරැඹීයේය.
ශ්‍රී ලංකාවට ආවේණික වූ නැටුම් ගැයුම් වැයුම් වලින් සහ අලි ඇතුන් 72 දෙනකුගෙන් සමන්විත වූ මෙම පෙරහාර සෙනසුරාදාත් පැවැත්වේ.
ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පෙරහර සංවිධානය කරයි.