Pages

බීමතින් රිය පදවා සුපර්ස්ටාර් අජිත් බණ්ඩාරගේ රියදුරු බලපත්‍රය අහෝසියි!

පානදුර ගාලු පාරේ බීමත්ව මෝටර් රථයක් පැදවීමේ චෝදනාවට වරද පිළිගත් සිරස සුපර්ස්ටාර් කිරුල හිමිකරගත් අලහකෝන් අජිත් බණ්ඩාර හට පානදුර අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් රුපියල් 7500 ක දඩයක් නියමකොට ඔහුගේ රියදුරු බලපත්‍රය මාස හයකට අවලංගුකොට ඇත. 

පසුගියදා අජිත් බණ්ඩාර විසින් බීමතින් පානදුර ප්‍රදේශය රිය පදවාගෙන යන අතරතුරේදී පානදුර රථවාහන පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන 
පානදුර රථවාහන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් චන්ද්‍ර මහතා විසින් අජිත් බණ්ඩාරට විරුද්ධව නඩු පවරා තිබුණි.