Pages

කලකිරුණු උපේක්ෂා කන්‍යා සොයුරියක් වෙන්න ගිහින්

පාර්ලිමේන්තු මංත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි පෙම්වතියක් වූ බව මීට පෙර අප ඔබට හෙළි කරන ලදි. රත්මලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන ඔහු මෙයට පෙර විවාහ වූ පුද්ගලයෙකු බවද අප විසින් වාර්තා කරන ලදී.
 

ඔහුගේ පෙර විවාහය දික්කසාදය ලැබෙන්නේ ලබන මාර්තු මස 24න් පසු වන අතර ඉන් අනතුරුව උපේක්ෂා හා ඔහුගේ විවාහ සිදු කිරීමට නියමිතය. 

පෙම්වතියක් වූ උපේක්ෂා දිනකට දෙතුන් වතාවක් "මල් කඩන" බව ඇය විසින් සරසවිය පුවත්පතට හෙළිකොට තිබෙනවා. ඇගේ අලුත් පෙම්වතා හා පැරණි සැමියා පිලිබඳ ඇය පලකල අදහස් බලන්න පහතින් 

පෙම්වතාට හොඳට සල්ලි එහෙමත් ඇති? 
මොකද නැත්තේ. මට වඩා සල්ලි තියෙනවා එයාට. එයා මට වඩා උගත්. මට වඩා ලස්සනයි. කෙටියෙන්ම කිව්වොත් ඔහු මට වඩා හුඟක් දියුණුයි. 

කොහොමද ඔබට ඔහුව මුණ ගැහුණේ? 
උපන්දින සාදයකදී. අපි ගොඩක් ළං වුණා. 

කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ? 
ඔහු. 

ඔබ එවලේ මොකද කිව්වේ? 
හොරාට සද්ද නැතුව හිටියා. 

ඇයි ඒ? 
මං දන්නවා ඔහු මට ආදරෙයි කියනවා කියලා. මම ඔහු ආදරෙයි කිව්වට පස්සේ යාළුවෙක් දම්මලා ඔහුට නොදැනෙන්න ඔහු ගැන විස්තර හොයලා බැලුවා. 

ඔබ ජීවිතය ගැන කලකිරී කන්‍යා සොහොයුරියක් වන්නට ගිය රහස දැන්වත් හෙළි කරමුද? 
ඒක ගැන දන්නේ මගේ අම්මා. මට හිතුණා කන්‍යා සොහොයුරියක් වෙන්න. අම්මත් එක්ක කාටත් රහසෙන් කන්‍යාරාමයකට ගියා. එතෙන්දි මට කන්‍යා සොයුරියක් වීමට කළ යුතුවත් පිළිවෙත් ගැන අයකු පැහැදිලි කළා. මට හිතුණා කන්‍යා සොයුරියක් වීමට මම සුදුස්සෙක් නෙවෙයි කියලා. ඉතින් ආපහු ආවා. 

උපේක්ෂාගේ කලින් සැමියා කෝ? 
මම හොයන්නේ නැහැ ඔහු කොහේ ඉන්නවද කියලා.

ඔහු ඔබේ අලුත් පෙම්වතා ගැන දන්නවාද?  
දන්නවා ඇති. 

ඔහු දැන් ඔබට කතා කරන්නේ නැද්ද? 
මම කිව්වා ඔහුට මට කෝල් එකක්වත් දෙන්න එපා කියලා. 

ඔබේ පෙර සැමියා ඔබට වඩා වයසින් බාලයි නේද? 
එයා මට වැඩිය අවුරුදු එකහමාරක් බාලයි. 

දැන් එක්කෙනා? 
එයා මට වැඩිය ටිකක් වයසින් වැඩියි. 

විවාහය? 
තාම දින වකවානු තීරණය කරලා නැහැ. ඉක්මනින් විවාහ වෙනවා. විවාහ වෙලා මේ ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවිය ලබන්න ආසයි.