Pages

රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ වීඩියෝ


රත්නපුර මලංගම ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයකු තම දරුවන් සහ බිරිඳ ද සමග මෝටර් රථයකින් නිවසට පැමිණෙමින් සිටියදී ඊයේ (13) සවස ඔහුගේ නිවස අසලදීම වෙඩි තබා ඝාතනය කර ඇත


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එස් ඒ සුමිත් ගුණසේකර නමැති හතළිස් හැවිරිදි තිදරු පියෙකි
ඔහු කිරිඇල්ල ප්‍රදේශයේ සිට මෑතකදී රත්නපුර මලංගම ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇති අතර මැණික් ව්‍යාපාරයේ නියැළෙමින් සිටි අයෙක් බවද පවසයි ඊයේ සවස ඔහු කිසියම් කාර්යයක් සඳහා තම දරු තිදෙනා සමග රත්නපුර නගරයට ගොස් ආපසු පැමිණෙද්දී මෙම ඝාතනයට ලක්ව ඇත ‍පොලිසිය පවසන්නේ ඝාතනයට ලක් වූ අය මෝටර් රථයෙන් තම නිවස අසලටම පැමිණ මෝටර් රථය නවත්වා නිවසේ ගේට්ටුව ඇරීමට බිරිඳ පිටත් කර යවා සිටියදී පසුපසින් ඔවුන් හඹා ආ මෝටර් රථයක පැමිණි අයකු විසින් මෙම වෙඩි තැබිම සිදු කළ බවට මේ වන විට තොරතුරු ලැබි ඇති බවය

වෙඩි තැබිමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ඔහු පැමිණි මෝටර් රථයෙන් ම අසල්වාසීන් විසින් රත්නපුර රෝහලට ගෙන ගියත් ඒ වන විටත් ඔහු මියගොස් තිබුණි ඊයේ රාත්‍රිය වන විටත් මූලික ‍පොලිස් පරීක්ෂණ සිදු වෙමින් තිබූ අතර සැකකරුවන් පිළිබඳ තොරතුරක් ලැබි නොතිබුණි
රත්නපුර ‍පොලිසිය වෙඩි තැබිම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි


 Click Here